27 April 2024
#දේශීය

පොලොන්නරුවේ පළමු රෝගියා වාර්තා වෙයි – ගම් 12ක් වසයි

ඊයේ (22) කොවිඩ් 19 ආසාදිත රෝගියෙකු සොයාගැනීමෙන් පසුව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

ඒ අනූව මේ හමුවී ඇත්තේ  පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොවිඩ් 19 ආසාදිත රෝගියා ය.

මේ  වෛරසය ආසාධිත රෝගියා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබලෙකි.

මෙලෙස කොරෝනා වෛරසය වැලදී ඇති සෙබලා වැලිසර නාවික හමුදා කඳවුරේ විදුලි හා විද්‍යුත් අංශයේ සේවය කරනු ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේය.

මෙම සෙබලා ඉකුත් අප්‍රේල් මස 18 වෙනිදා කඳවුරේ සිට නිවාඩු ලබා පොළොන්නරුව, පුලස්තිගම ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා ගොස් ඇති අතර එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත අප්‍රේල් 20 වෙනිදා රෝහල් ගතව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

එලෙස රෝහල් ගත කළ නාවික හමුදා සෙබලාට කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඊයේ (22)  සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇත.

ඒ අනුව මෙම නාවික සෙබලා සේවය කළ වැලිසර නාවික හමුදා කඳවුර තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවලක් මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊට අමතරව එම සෙබළාව කඳවුරු භූමියේදී සමීපව ඇසුරු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මේ වන විටත් සොයා බලමින් සිටින අතර අවශ්‍ය සියලු සහයෝගය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසිය.

එමෙන්ම මෙම සෙබළාට කොරෝනා වෛරසය වැළදුණු ආකාරය ගැන මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව වාර්තාවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *