27 April 2024
#දේශීය

ඇමැති අමරවීරගෙන් බස් හිමිකරුවන්ට අනතුරු ඇඟවීමක්

කිසිදු ප්‍රවාහන සේවාවක් අඩාල කිරීමේ අවශ්‍යතාවයක් රජයට නොමැති බවත්, හුදෙක් මගී ජනතාව විසින් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධව ප්‍රකාශ කර තිබෙන්නේ එම සේවාව තවදුරටත් අවශ්‍ය නැති බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම සම්බන්ධව ඊයේ (01) පස්වරුවේ බස්රථ ව්‍යාපාරයේ යෙදී සිටින නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ පැවැති සාකච්ඡාකදිය.

Semi Luxury හෙවත් අර්ධ සුඛෝපභෝගී බස් ලේබලය සහිතව ධාවනය කරන බස්රථ තුළින් මගීජනතාවට ප්‍රමාණවත් පහසුකම් සහිත සේවාවක් ඉටු නොවන බැවින් එම සේවාව අහෝසි කරන ලෙසට මගී ජනතාව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කර ඇති අතර මෙම කාරණය සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම විසින් මඟීන් දස දහසක් ආශ්‍රිතව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මෙම සමීක්ෂණයට සහභාගී වු මගී ජනතාවගෙන් 68%ක්ම ප්‍රකාශ කර ඇත්තේ, මෙම සේවාව තව දුරටත් අවශ්‍ය නැති බවයි. මගී ජනතාවගෙන් 8% ප්‍රකාශ කර තිබෙන්නේ ඔවුන් බස් රථයට ගොඩවී ඇත්තේ එම බසය අර්ධ සුඛෝපභෝගී බසයක් බව නොදැන බවයි.

ඒ අනුව කිසිදු පහසුකමක් නොදී මහජනතාව ගසා කෑමට ඉඩදිය නොහැකි බැවින් මේ සම්බන්ධව පිළිගත හැකි කරුණු ඇත්නම් ඒවා සතියක් තුළ ජාතික ගමනාගමන කොමිසමට දැනුම් දෙන ලෙසත් අමාත්‍යවරයා නියෝජිතයින්ට ප්‍රකාශ කළේය.

ඒ අනුව සතියකින් අනතුරුව අර්ධ සුඛෝපභෝගී සේවාව පවත්වා ගෙන යාම පිළිබඳව අවසන් තීන්දුව ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහතාද සහභාගී විය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *