27 April 2024
#දේශීය

නිවාඩුව ගත කරන බැසිල් දිවයිනට එන්නේ කවදාද?

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ මස අගදී මෙරට පැමිණිමට නියමිත බව වාර්තා වේ.

ඔහුගේ සමිපතමයෙකු කියා සිටියේ මැතිවරණ කාල සීමාව තුලදී සිදු කළ අධික රාජකාරි කටයුතු හේතුවෙන් මෙලෙස නිවාඩු ගත කිරීමට දිවයිනෙන් පිටව ගොස් සිටින බවයි.

විදේශ රටක සිටියද නිරතුරුවම රටේ සිදුවන දේ සම්බන්ධයෙන් සොයා බලන බවත් දේශපාලන කටයුතු සම්බන්දයෙන් අවශ්‍ය තීන්දු තීරණවලදී සම්බන්ධ වන බව දැනගන්නට ඇත.

බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔහු විදේශ රටක ගොස් ප්‍රතිකාර ලබන බව ඇතැම් පිරිස් පැවසුව ද එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව වාර්තා වේ.

ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධව සැලසුම් සකස් කරමින් සිටින අතර මේ මස අගදී මෙරට පැමිණ එම සැලසුම් ක්‍රියාත්මක කරනු ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විට පොදු ජන පෙරමුණ නියෝජනය කරන පිරිස් විසින් සිදු කරන ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් ද සැලකිලිමත්විය යුතුව ඇති බවත් එම ප්‍රකාශ පිළිබඳව ඉදිරියේදී යම් විනායානුකුලව කටයුතු කරන ඇති බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *