27 April 2024
#දේශීය

ජේෂ්ඨතම ගුරු සංගම් නායක පෝලියර් ගුණවර්ධන දිවියෙන් සමුගනියි…

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැපීපෙනෙන චරිිතයක් වූ පෝලියර් ගුණවර්ධන මහතා අද (02) උදෑසන මහරගම අපේක්ෂා රෝහලේ දී, අභාවප්‍රාප්ත වී ය.

පෝලියර් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කරමින්, මෙරට ගුරු විදුහල්පති සේවාවන් සඳහා සුවිශේෂ වැඩ කොටසක් ඉටු කර ඇත්තෙකි.

ඔහු “ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව” සැකසීම සඳහා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ ජේෂ්ඨතම ගුරු නායකයෙක් වූ බව අවිවාදිත ය.

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සිය ජීවිත කාලය පුරා ම පෙනී සිටි, පෝලියර් ගුණවර්ධන මහතා,1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂයෙන් ඉවත් ව සමාජවාදී ජනතා ව්‍යාපාරයේ, නායකයෙක් ලෙස ද, කටයුතු කළේ ය.

* Written By : Janith Vipulaguna

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *