27 April 2024
#විදෙස්

ඇමෙරිකානු හමුදා වෙත ඉරාන බැලිස්ටික් මිසයිල ප්‍රහාර…

ඉරාකය තුළ ඇමෙරිකානු හමුදා රැදී සිටින ගුවන් කඳවුරු දෙකක ට බැලිස්ටික් මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් එල්ල වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝගය අනුව, බැග්ඩෑඩ් නුවරදී සිය ඉහළම හමුදා අණදෙන නිලධාරියෙකු වූ කාසෙම් සුලෙයිමානි ඩ්‍රෝන ප්‍රහාරයකින් මරා දැමීමට ප්‍රති ප්‍රහාරයක් ලෙස මේ ප්‍රහාරය එල්ල කර ඇතැයි ඉරාන රාජ්‍ය රුපවාහිනිය ප්‍රකාශ කළේය.

පෙන්ටගනය පැවසු පරිදි අර්බිල් හා අල් අසාද් යන ප්‍රදේශවල ඇති කඳවුරු දෙකක් ප්‍රහාරවලට ලක්ව තිබේ.

මින් කිසිවකුට හෝ හානි සිදුවී තිබේද යන්න මෙතෙක් පැහැදිලි නැත.

ඉන් අනතුරුව “සැම දේම හොඳින්” යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප්, හානියට ලක්ව සිටිය හැකිවුන් ගැන තවම තක්සේරු කර නැතැයි ද කියා සිටියේය.

Source : Janith 

Leave a comment

Your email address will not be published. Required fields are marked *