27 April 2024
#දේශීය

සාපෙල 2020 අයැදුම්කරුවන්ගෙන් හැඳුනුම් පත ට අයැදියි…

2020  වසර සඳහා අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අයැදුම්පත් ලබන මාර්තු 31 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස සියලුම විදුහල්පතිවරුන් හා පරිවේණාධිපතිවරුන් වෙත පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.


2004.02.01 දින සිට 2205.01.31 දින අතර කාලය තුළ ඉල්ලුම් කර නොමැති සියලුම සිසුන්ගේ අයදුම්පත් මේ අනුව ඉදිරිපත් කර ඇති බව ද එහි කොමසාරිස් ජනරාල් විජයානි ගුණතිලක පවසයි.

පසුගිය කාලය තුළ ඉදිරිපත් කළ මෙවැනි අයදුම්පත් විවිධ අඩුපාඩු සහිත ඒවා වීම හේතුවෙන්, ඒවා නිකුතුකිරීමේ දී තම සේවකයින් ට දැඩි අපහසුතාවන් ට මුහුණපෑම ට සිදුවූ බව ද ඒ මහතා පෙන්වා දෙයි.

* සටහන : ජනිත් විපුලගුණ

Leave a comment

Your email address will not be published. Required fields are marked *