27 April 2024
#දේශීය

ඇල්පිටිය ප්‍රදේශිය සභා ඡන්දය ජයග්‍රහණය පොහොට්ටුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 17ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැකිවි තිබේ. ඒ , ඡන්ද 23,372ක් ලබා ගනිමිනි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10,113ක් ලබාගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 07ක්.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ඡන්ද 5,273ක් ලබා ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 3ක්. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර 2ක් ජයග්‍රහණය කළේ සමස්ත ඡන්ද 2,435ක් ලබාගනිමින්.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ කියාසිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයන් 155 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත් වු බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *