27 April 2024
#දේශීය

ඉදිරි මැතිවරණයට පොහොට්ටුව පුළුල් සන්ධානයකින්

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පුලුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා සමසමාජ පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (06) බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුන පක්ෂ මුලස්ථානයේදි පැවැත්විනි.

රට ගොඩනගන අනාගත රජයක් මගින් අධිරාජ්‍යවාදී බලපැම්වලින් ශ්‍රී ලංකාව බේරා ගෙන ජනතා හිතවාදී පාලනයක් මගින් රට සංවර්ධනය කිරීම සදහා යෝජිත අපේ වැඩපිළීවෙල මැයෙන් ලංකා සමසමාජ පක්ෂය විසින් සකස් කර ඇති පක්ෂයේ වැඩපිළිවෙල බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමද මෙහිදි සිදුවිය.

ඉදිරියේ බලයට පත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජයක් මගින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සකස් කෙරෙන ප්‍රතිපත්ති මාලාවට මෙම යෝජනාවලියේ සදහන් කරුණුද ඇතුළත් කිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන බව එහිදි බැසිල් රාජපක්ෂ මහතා සදහන් කලේය.

එහිදි අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා ” රටේ සියලු ජාතීන් එකතු කරමින් ශ්‍රී ලාංකික ජාතියක් හදන්න කැපවුනු පක්ෂයක් විදියට ලංකා සමසමාජය පක්ෂය සලකන්න පුලුවන්. පසුගිය පලාත් පාලන මැතිවරණයේදී අපි එකමුතුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ජයක් ලැබුවත් සමහර ප්‍රදේශවල ජාතිවාදී වශයෙන් බෙදිම් තිබීම නිසා අපේ ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් සිද්ධ වුනා. මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම ඇතිව පසුගිය මහින්ද චින්තනය වැනි ජනමුල ප්‍රතිපත්තියක් සැකසීම මේ දිනවල අපි ආරම්භ කර තිබෙනවා. ගමින්ගමට ගිහින් තොරතුරු ගන්නවා වගේම වැඩකරන ජනතාවගේ සහ ව්‍යාපාරිකයින් ආදි සෑම ක්ෂේත්‍රයකම ප්‍රජාවගෙන් ඒ සදහා අදහස් ගනිමින් පවතිනවා. අපේ මේ වැඩපිළීවෙලට ලංකා සමසමාජ පක්ෂයේ සහාය හිමිවීම ගැන සතුටුයි.යැයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *