27 April 2024
#දේශීය

සහරාන්ගේ දියණියගේ DNA පරික්ෂාවට අධිකරණයෙන් අවසර

පාස්කු දින බෝම්බ සිදු කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහාරාන් හෂීම්ගේ දියණියගේ DNA පරික්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

පාස්කු ඉරිදා ෂ්‍රැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් සහාරාන් හෂීම් බව ආරක්ෂක අංශ පවසයි.

මෙම ප්‍රහාරයත් සමඟ කල්මුණේ පොලිස් වසමේ සයින්දමරුදු ප්‍රදේශයේ මෙම පිරිස සිටින බවට එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු විසින් දුන් ඔත්තුවක් මත වහාම පොලිසිය ක්‍රියාත්මක වීය. පසුව එම සැකකාර පිරිස හා ආරක්ෂ අංශ අතර ඇති වු වෙඩි ප්‍රහාරවලින් හා පිපුරුම් සිදු කළේය.

එම සිදුවීමෙන් අනතුරුව යුද හමුදාව හා පොලිසිය එක්ව ප‍්‍රදේශයේ නැවතත් සෝදිසි කිරීම සිදුකළේය. එහිදී ආරක්‍ෂක අංශ සාමාජිකයන් හට දකින්නට ලැබී ඇත්තේ අදාළ නිවස මුළුමනින්ම සුන්බුන් ගොඩක් බවට පත්ව තිබී ඇති අතර තැන තැන පිළිස්සී ගිය ත‍්‍රස්තයන්ගේ මළ සිරුරුය. ඒ අතර කුඩා දැරියක් හා කාන්තාවකගේ තුවාල ලබා සිටි අතර ඔවුන් සහාරාන් හෂිම්ගේ බව අනාවරණ වීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *