27 April 2024
#දේශීය

උ.කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ගැන හෙළිවෙයි

උතුරු කොරියාවේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු හෙළිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සඳහන් කර සිටින්නේ ජංගම සහ සඟවා ඇති මධ්‍යස්ථාන 13 ක් පමණ පැවතිය හැකි බව ඇමරිකා නීරික්ෂකයන් පවසයි.

සිංගප්පූරු සමුළුවේදී ඇති කරගත් එකඟතාවට අනූව මධ්‍යස්ථාන විනාශ කිරිමට උතුරු කොරියා නායකයා තීරණය කර බවත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු රටවල් ගණනාවක අවධානය යොමුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් පිළිබඳව චන්ද්‍රිකා මඟින් ද තොරතුරු ලබාගන්නා බවයි නීරික්ෂකයන් පවසන්නේ. න්‍යෂ්ටික වැඩසටහන් සම්පූර්ණයෙන් නතර කරන තුරු උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බව ඇමරිකාව මීට පෙර ප‍්‍රකාශ කළා. ඒ අනූව දෙපාර්ශවය අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *