27 April 2024
#දේශීය

එජාපයේ අපේක්ෂක රනිල්මයි…. පැරදුණොත් විපක්ෂනායක්තවයට …!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට ස්ථීරවශයෙන් තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් වු අවසන් එකඟතාවයකට එනු ඇති බව එජාපයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග කියා සිටියේය.

පසුපෙල මන්ත්‍රීවරුන් මෙන්ම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපෙක්ෂකයා ලෙස පත් කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අවස්ථාවකදී පවා මේ වන විට නායකත්වය විසින් දැඩි තීන්දුවක සිටින බව දැන ගන්නට ඇත. රනිල් කියන්නේම හීන් නුලෙන් තමන්ගේ වැඩේ කර ගන්නෙකු හෙයින් ඔහු විසින් මේ මොහොතේ සජිත්ව කරා තබා ගෙන යන්නෙකු නොවන බව රනිල්ගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේය.

මේ වන විට පවා සජිත් විසින් සිදු කරන්නේ බිම් මට්ටමෙන් තමන් සමඟ සිටින පිරිස එක් කර ගන්නා වෑයමක් බව පැහැදිලිව පෙනෙන්නට ඇත. නමුත් එජාපයේ ගේම් ගසන්නන් විසින් පවසා සිටින්නේ ද සජිත් දැම්මේ නැතිනම් එජාපයට අබ සරණ බවයි. නමුත් මෙහි ඇත්තේ වෙනස්ම ගේම් එකක් බවත් සජිත්ට අවශ්‍යව ඇත්තේ රටේ ජනාධිපති වීමට වඩා පක්ෂයේ නායකත්වය බව ඇතැම් පිරිස් කියා සිටින්නේය.

සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නත් ඔහු පරාජයට පත්වනු ඇති බව ඇතැම් පිරිස් පවසා ඇත්තේ ගෝඨාභයට ඇති ජනප්‍රියතාවය වැඩී වීම හෙයිනි. ඒ අනුව ජනාධිපතිවරණ සටනින් සජිත් පරාජයට පත් වුවත් එයින් රනිල්ට සිදු වන්නේ විශ්‍රාම ගැනීමකි. නමුත් රනිල්ට අවශ්‍ය වන්නේ ගෙදරට ගොස් සිටිම නොවන බවත් තවදුරටත් දේශපලඥයෙකු වශයෙන් තමන්ගේ ඉදිරිය පවත්වා ගෙන යාමයි. ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයේ නොවන වෙනත් අයෙකු පත් කිරීම කළ යුතු වන්නේ ද රනිල්ගේ ජාම බේරා ගැනීමටය. තව ද මෙම ජනාධිපතිවරණ සටනින් පරාජයට පත් වුවහොත් නිතරගෙන්ම රනිල්ට විපක්ෂනායක ධුරය හිමි වන අතර එය රැක ගැනීමේ මෙහෙයුම බව ඇතැම් පිරිස් කියා සිටින්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *