27 April 2024
#දේශීය

එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි

දෛනික එළවළු තොග මිල ගණන් දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වෙත ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

ඒ, වැඩ බලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්නගේ උපදෙස් අනුවයි.

එහිදී එම මිල ගණන් සසඳා අදාළ පොලිස් බල ප‍්‍රදේශවල සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීම සිදු වන්නේ ද යන්න සොයා බලන ලෙස සහ සාධාරණ මිලකට එළවලූ අලෙවි කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත.

මැනිං වෙළඳපොළ, දඹුල්ල, වේයන්ගොඩ, මීගොඩ, කැප්පෙටිපොළ, නාරාහේන්පිට ඇතුළු දිවයින පුරා උදෑසන සහ රාතී‍්‍ර කාලයේ විවෘත කෙරෙන ආර්ථික මධ්‍යස්ථාන 15 ක එළවළු තොග මිල ගණන් පොලිස් මූලස්ථානය මගින් සියලූ පොලිස් ස්ථාන වෙත සපයනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *