27 April 2024
#දේශීය

කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන් තාවකාලිකව අත්හිටුවයි

අද  (26) කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට රාජ්‍ය බලධාරීන්   තීරණය කර ඇත.

ඒ කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින  70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමගය.

පෙර සැලසුම් කර තිබුණේ අද  අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමටය.

මේ අතර ඉකුත් 19 දින කුවේටයේ සිට පැමිණි පිරිසට කටුනායක ගුවන් තොටුපළ තුළ දී අවශ්‍ය සේවා සැපයූ ගුවන් තොටුපළ සේවකයින් , සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ හමුදා භට පිරිස් වලට අයත් විශාල ප්‍රමාණයක් ඊයේ (25) දින පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය වූ බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු පැවසීය .

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු අප්‍රිකාවේ මාස දෙකක පමණ කාළයක් රැදී සිටි ශ්‍රී ලාංකිකයෙකු ඊ්යේ රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යායානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔහු ඊයේ දින රාත්‍රී 6.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ තාක්ෂණික නිනිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන අයෙකු වන අතර , වැඩිදුර පුහුණුවක් සදහා දකුණු අප්‍රිකාවට ගොස් සිටියදී , මෙසේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී එරට තුළ කොටු වී සිට ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *