• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කටාර් සිට ගෙන ඒමට සැලසුම් කර තිබූ ලාංකිකයන් තාවකාලිකව අත්හිටුවයි

26 May 2020
in දේශීය

අද  (26) කටාර් රාජ්‍යයේ සිට  ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන ඒමට සැළසුම් කර තිබූ ගුවන් ගමන තාවකාලිකව  අවලංගු කිරීමට රාජ්‍ය බලධාරීන්   තීරණය කර ඇත.

ඒ කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් , මේ වනවිට නීරෝධායනය වෙමින් සිටින  70 කට පමණ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමගය.

පෙර සැලසුම් කර තිබුණේ අද  අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට , එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමටය.

මේ අතර ඉකුත් 19 දින කුවේටයේ සිට පැමිණි පිරිසට කටුනායක ගුවන් තොටුපළ තුළ දී අවශ්‍ය සේවා සැපයූ ගුවන් තොටුපළ සේවකයින් , සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ හමුදා භට පිරිස් වලට අයත් විශාල ප්‍රමාණයක් ඊයේ (25) දින පී.සී.ආර්.පරීක්ෂණ වලට භාජනය වූ බව කටුනායක ගුවන් තොටුපළ ප්‍රකාශකවරයෙකු පැවසීය .

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දකුණු අප්‍රිකාවේ මාස දෙකක පමණ කාළයක් රැදී සිටි ශ්‍රී ලාංකිකයෙකු ඊ්යේ රාත්‍රී එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යායානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඔහු ඊයේ දින රාත්‍රී 6.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔහු එමිරේට්ස් ගුවන් සේවයේ තාක්ෂණික නිනිලධාරීවරයෙකු ලෙස කටයුතු කරන අයෙකු වන අතර , වැඩිදුර පුහුණුවක් සදහා දකුණු අප්‍රිකාවට ගොස් සිටියදී , මෙසේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වී එරට තුළ කොටු වී සිට ඇත.

Post Views: 13
Previous Post

එළවළු මිල පාලනයට පොලිසිය මැදිහත් වෙයි

Next Post

අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම්

editor

editor

Next Post

අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved