27 April 2024
#දේශීය

කට ළග තියාගෙන දීලා හැමදේම සජිත්ගේ පැත්තට දාන්න එපා – හිටපු ඇමැතිනි තලතා

එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බව හිටපු ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඇය කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නේ නම් එහි උපදේශක වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුතු බවයි. රනිල් මෙන්ම සජිත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය පුද්ගලයින් බව ඇය අවධාරණය කළේය. කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දුන්නේ ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති හෙයින් බව ඇය අනාවරණ කළේය.

ඉදිරියේදී අගමැති අපේක්ෂකත්වයට තරඟ කරන සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂනායකත්වය කට ළග තියාගෙන දීලා එහි ප්‍රතිඵලය සජිත්ගේ කරපිට දාන්න එපා යැයි තලතා අතුකෝරල මහත්මිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *