27 April 2024
#දේශීය

කිසිම ශිලාචාරකමක් නෑ – යහපාලනය නොවන අවපාලනයක් – රතන හිමියන්

සිංගප්පුරු ගිවිසුම සම්බන්ධ සිංහල හා දෙමළ භාෂාවෙන් පිටපතක් නොමැතිව එය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් ඉදිරිපත් කිරීම ශිලාචාරභාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සිංගප්පුරු ගිවිසුම සැක සහිත බවයි. එසේම සියළු ජනතාව එක්ව මෙම ගිවිසුම පරාජයට පත් කළ යුතු බව උන්වහන්සේ කියා සිටියේය. එසේම මෙම ගිවිසුම නීතිවිරෝධි ගිවිසුමක් බවත් මෙය අත්සන් කිරීම තුළින් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බව හෙළි කර ඇති බව උන්වහන්සේ පැවසිය.

මේ වන විට යහපාලනය නොවන මෙය අවපාලනයක් වී ඇති බව රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *