27 April 2024
#සංවර්ධන

කුරුණෑගල කොළඹ පාරේ මගී උමං මාර්ගය විවෘත කෙරේ

කුරුණෑගල කොළඹ පාරේ මලියදේව බාලිකා විද්‍යාලය ඉදිරිපිට ඉදි කරන ලද මගී උමං මාර්ගය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වනදා ජනතා අයිතියට පත් කර තිබේ.

වර්ථමාන රජය බිහිවීමෙන් පසුව අශෝක් අබේසිංහ මහතා අතින් ඉදිකිරීම් ආරම්භ කරන ලද මෙම මගී උමං මාර්ගය සදහා රුපියල් ලක්ෂ 500කට අධික මුදලක් වැය වී තිබේ.

රටේ උද්ගතව ඇති තත්වය හමුවේ ආරක්ෂක අංශයන්ට ලබාදෙන සහයෝගයක් වශයෙන් මේ සදහා උත්සව අවස්ථාවක් නොපවත්වන ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබේ.

උමං මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව එය නිරීක්ෂණය කල අමාත්‍යවරයා පැවසුයේ උමං මාර්ගයේ පඩිපෙල සදහා ග්‍රැනයිට් යොදා සැකසූයේ ලිස්සා යාම තුලින් ජනතාවට සිදුවන හානිය අවම කිරීමට බවයි. අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් හට නියෝග කර සිටියේ නගරයේ ප්‍රධාන මාර්ගවල සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසටයි. එමෙන්ම මේ වසරේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් සැලසුම් කරන ලද මාර්ග පුලුල් කිරීමේ කටයුතු අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර අවසන් කරන ලෙසටද නියෝග කලේය. උමං මාර්ග ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට තමන් ගත් දැඩි උත්සායන් පිළිබදවද සිහිපත් කළේය.

ඉන් අනතුරුව කුරුණෑගල මධ්‍යම බස් නැවතුම්පොල ඉදිරිපිට ඉදිවන උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කල අමාත්‍යවරයා එය ඉතා ඉක්මනින් අවසන් කරන ලෙසට එහි ඉදිකිරීම් සමාගම වෙත පවසා තිබේ. එමෙන්ම පුත්තලම් හන්දියේ සහ බස් නැවතුම්පොල අසල මාර්ග සංඥා පද්ධතිය අක්‍රිය කොට ඇත්තේද මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් අවසන් වන තෙක් බව පැවසූ අමාත්‍යවරයා කුරුණෑගල සංවර්ධිත නගරයක් බවට පත් කිරීම තමාගේ ප්‍රධානතම අරමුණු අතරින් එකක් බවද ඒ සදහා භේදයකින් තොරව සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය බවද වැඩි දුරටත් පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *