27 April 2024
#දේශීය

මීගමුව සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

මීගමුව, කොච්චිකඩේ පොලිස් වසමට අයත් ප්‍රදේශයේ ඊයේ (05) පස්වරුවේ ඇති වු කලහකාරි තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය පවසයි.

පොලිසිය කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු තුවාල වු බව වාර්තා වී නොමැති බවත් එම කලහකාරි තත්ත්වයෙදී ත්‍රිරෝද රථ තුනකට හානි සිදුව බවයි. එසේම එම සිද්ධිය වචන හුවමාරුවක් මුල් කරගෙන ඇති වු සිද්ධියක් බව වාර්තා වේ.

එම වචන හුවමාරුව දුරදිග ගොස් හු කීමක් සිදුව ඇති බවත් එහිදී යම් පුද්ගලයින් පිරිසක් විසින් මෙම කලහකාරි තත්ත්වය ඇති කර ඇති බව පොලිසිය පවසයි. මේ සම්බන්දයෙන් මේ වන විටත් පරික්ෂණ සිදු කරමින් තිබෙන අතර යම් යම් අයගෙන් ප්‍රකාශ ලබා ගැනීම් සිදු කරන බව පොලිසිය පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *