27 April 2024
#සංවර්ධන

කෘෂි කටයුතු විධිමත්ම නොකලහොත් අනාගතයේදී ආහාර අර්බුදයකට – මධ්‍යම ආණ්ඩුකාර ලලිත්

ජනතාවට අනාගතයේදී ආහාර අර්බුදයක් ඇති වීමේ අවධානමක් පවතින බැවින් වඩා විධිමත් ආකාරයෙන් කෘෂිකර්මාන්ත කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවය මේ වන විට පැන නැගී ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ලග්ගල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපයේ දඹගොල්ල සහ හැලඹගහවත්ත ග්‍රාම නිළධාරී වසම් සදහා මුං බීජ බෙදා දීමේ උත්සවයට පසුගිය 13 වනදා එක්වෙමින්.

මෙහීද ගොවි මහත්ම මහත්මීන් සදහා විදුලි පඹයන් සහ වායු රයිෆල් ලබාදීමද සිදුවු අතර, ජනතාව මුහුණ දෙනු ලබන ගැටලු සෘජුවම මෙහිදී ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව සැලසුනි.

මෙම අවස්ථාවට නා උල ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් දසනායක, මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.බී.රත්නායක, ආණ්ඩුකාර ලේකම් කේ.ජී.උපාලි රණවක ඇතුළු මහත්ම මහත්මීන් රැසක්ද එක්විය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *