27 April 2024
#දේශීය

කොරෝනා ගැන සුබ පුවතක්

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී රට පුරා කිසිදු කොරෝනා ආසාදිත වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එම කාලයේදී ආසාදිතව සිටි 16 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා පිටත්ව ගොස් ඇත.

මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 655කි.

එසේම ඊයේ (21) කොරෝනා පරීක්ෂණ ගණනාවක් කර ඇති අතර ඒ කිසිවකින් ආසාදිතයෙකු තහවුරු වී නැති බවත් වාර්තා වෙයි.

එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සියලු රෝගීන් සුවපත් වී ඇති නිසා ඊයේ දිනයේ දී එම කදවුර කොරෝනා ආසාදිතයන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.

Leave a comment

Your email address will not be published. Required fields are marked *