27 April 2024
#දේශීය

නාවික හමුදාවේ කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන් – ඇමැතිනි පවිත්‍රා

නාවික හමුදා කඳවුර ආශ්‍රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඇය අද දින (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවෙවේදී කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිත පොකුරේ සමාජය තුල පැතිරීම පාලනයට නතු කර ගෙන ඇති බවයි.

එසේම ලබන අගෝස්තු මස 01 දින සිට දිවයින පුරා පෙර පාසල් නැවැත ආරම්භ කිරිමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණ ඇති බව ඇය අනාවරණ කළාය.

එහිදී අමාත්‍යවරිය මෙසේ අදහස් පල කළේය “කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව එම රෝගීන් ආ ගිය තැන් වල ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පිරිස් හා ලඟම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂා 8148 ක් සිදු කර තිබෙනවා. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව මේ තිබෙන පොකුරේ සමාජය තුල පැතිරීම අපි බොහෝ දුරට පාලනය කරලා සමාජය තුල පැතිරීම අපේ පාලනයට නතු කර ගෙන තිබෙනවා. එමෙන්ම එම කඳවුර ඇතුලේ දෙවන වතාවටත් PCR පරික්ෂණ සිදු කරගෙන යනු ලබනවා. දෙවැනි වතාවට සමහර විට කඳවුර ඇතුලේ රෝගීන් හමුවිය හැකියි. නමුත් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව සමාජය තුල මෙම වෛරසය පැතිරීම අප පාලනයට ලක් කර තිබෙනවා.”

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *