• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්: කොළඹ මාර්ග කිහිපයක් වසා තැබේ

2 February 2026
in දේශීය, පුවත්
ඉන්දියාවේ සිට වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය නිවේදනය කරයි. එළඹෙන පෙබරවාරි 05 වැනිදා උදෑසන 06.00 සිට 11 වැනිදා පෙරවරු 07.00 දක්වා ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන අතර එම කාලය තුළ ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත, මුත්තයියා පාර සහ පාර්ක් වීදිය ඇතුළු මාර්ග කිහිපයක් පොදු ප්‍රවාහනය සඳහා වසා තැබීමට නියමිතය. මීට අමතරව උත්තරානන්ද මාවත, යුනියන් පෙදෙස සහ ඉබ්බන්වල හන්දිය ආශ්‍රිත මාර්ගවලින් බර වාහන ඇතුළු කිරීම ද සීමා කර තිබේ.
බැතිමතුන්ගේ පහසුව උදෙසා පෝර්ට් සිටි, ෂැංග්‍රිලා හෝටලය අසල සහ පැරණි එම්.ඕ.ඩී. භූමියේ සිට ගංගාරාම විහාරස්ථානය දක්වා විශේෂ බස් රථ සේවාවක් (Shuttle Service) ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කර ඇත. විහාරමහා දේවී උද්‍යානය, ග්‍රීන් පාත් සහ වොක්ෂෝල් වීදිය ඇතුළු ස්ථාන කිහිපයක ගාස්තු අය නොකරන රථගාල් වෙන් කර ඇති අතර ප්‍රදර්ශන කුටිය තුළට ජංගම දුරකථන, ගමන් මලු හෝ විද්‍යුත් උපකරණ රැගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වේ. බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙන බැවින් තම පෞද්ගලික දේපළ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ආරක්ෂක අංශවල සෝදිසි කිරීම් සඳහා පූර්ණ සහය ලබා දෙන ලෙසත් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 12
Previous Post

ලෝක තෙත්බිම් දිනය අද

Next Post

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලෙයිලාමා තුමන්ට ග්‍රැමී සම්මානයක්

Editor TTV News

Editor TTV News

Next Post
ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලෙයිලාමා තුමන්ට ග්‍රැමී සම්මානයක්

ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලෙයිලාමා තුමන්ට ග්‍රැමී සම්මානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved