27 April 2024
#දේශීය

චීනයේ සිට මෙරටට පැමිණි පලමු කොරොනා වෛරස් රෝගියා හදුනා ගැනේ

මාරාන්තික නව කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ ඇය මෙරට සංචාරය කර ඇති කෙනෙකු බවත් උණ රෝගය වැළදීමෙන් අනතුරුව අංගොඩ මුළික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

පසුව ඇය පරික්ෂා කිරීමේදී ඇයට කොරොනා වෛරසය වැලදී ඇති බවට හෙළි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ සිදු කරන බව වෛද්‍යවරයා කියා සිටියේය. එසේම මේ වන විට ඇය සංචාරය කල හෝටල් මෙන්ම එම ස්ථාන ද හදුනා ගෙන ඇති බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු කියා සිටියේය.

රෝගය පැතිරීම වැලැක්වීමට ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බැවින් ජනතාව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කරනවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *