ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් ලියෝ XIV පාප්වහන්සේ (Pope Leo XIV) අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, පාප්වහන්සේ හමුවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. ඉරාන යුද්ධය සහ එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින දැඩි මත ගැටුම මෙම තීරණයට සෘජුවම බලපා තිබේ.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් අවධාරණය කළේ, පසුගිය කාලසීමාව තුළ ඉරාන පාලන තන්ත්‍රය විසින් නිරායුධ විරෝධතාකරුවන් 42,000ක් පමණ ඝාතනය කර ඇති බව පාප්වහන්සේ වටහා ගැනීම ඉතා වැදගත් බවයි. “ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් ලබා ගැනීමට ඉඩ දිය නොහැකි” බව පැවසූ ඔහු, පාප්වහන්සේ සමඟ ඇති කරුණු පැහැදිලි කර ගැනීමට හමුවීමක් අවශ්‍ය දැයි විමසූ විට එය “අවශ්‍ය නොවන” බව සෘජුවම කියා සිටියේය.
ලියෝ පාප්වහන්සේ මීට පෙර ඉරාන යුද්ධයට එරෙහිව සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබූ අතර, ට්‍රම්ප් එය විවේචනය කරමින් කියා සිටියේ පාප්වහන්සේ “අපරාධ සම්බන්ධයෙන් මෘදු” පිළිවෙතක් අනුගමනය කරන බවයි. ඇමරිකානු සම්භවයක් සහිත පළමු පාප්වහන්සේ වන ලියෝ XIV සහ ට්‍රම්ප් අතර ඇති වී තිබෙන මෙම විරසකය, වතිකානය සහ වොෂින්ටනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පවසති.
තොරතුරු උපුටා ගැනීම:fox news ඇසුරින්














