• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඩෙල්ෆ් දූපත්වාසීන් සදහා නිවාස සහ පාසල් සදහා සුපිරි පංති කාමර පිරිනමයි

6 November 2019
in සංවර්ධන

යාපනය ‌ඩෙල්ෆ් දූපතේ ජීවත්වන ජනතාවගේ නිවාස අවශ්‍යතා සහ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සදහා රුපියල් මිලියන 32 ක සංවර්ධන වැඩසටහන් ප්‍රතිලාභි අයිතියට හා සිසු අයිතියට පැවරීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) දින සිදු කෙරිණි.

ඩෙල්ෆ් දූපතේ පවුල් 1,800 කට ආසන්න පිරිසක් ජීවත්වන අතර ඔවුන්ගේ හදුනාගත් නිවාස අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ.

ඒ අනුව ගැටුම් හේතුවෙන් අවතැන්ව නැවත පදිංචි වන ජනතාව හා යළි පදිංචි වීම සදහා පැමිණෙණ සරණාගතයින් සදහා ඩෙල්ෆ් දූපතේ නිවාස 30 ක් ඉදිකරනු ලබන අතර ඒය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වේ. උතුරු සහ නැගෙනහිර පළාතේ නිවාස 10,000 වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියත්මක වේ. මේ සදහා වැය කරනු ලබන මුදල රුපියල් මිලියන 30 කි.

ඩෙල්ෆ් දූපතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සදහා නවීන තාක්ෂණය භාවිතයෙන් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම සදහා ඩෙල්ෆ් මහා විද්‍යාලය, රෝමානු කතෝලික කාන්තා විද්‍යාලය, ශිවප්‍රකාශ විද්‍යාලය සහ මන්කයිට්ක්‍රාසි විද්‍යාල සදහා ආරම්භ කරන ලද සුපිරි පංති කාමර (Smart Class Room) සිසු අයිතියට පත් කිරීම මෙහිදී සිදු කෙරිණි. මේ සදහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 2 කි.

මෙයට සමගාමීව ඩෙල්ෆ් දූපත් වාසීන් සදහා අවශ්‍ය මාර්ග, නිවාස, අධ්‍යාපන ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබදවද මෙහිදී සොයා බලන ලදි.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් ඒන්. වේදනායගම්, අතිරිකේ දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිතරන්, ඩෙල්ෆ් ප්‍රාදේශීය ලේකම් එෆ්. සත්‍යජෝති යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටයහ.

 

දිලිනි සමන්මලි 

 

 

Post Views: 9
Previous Post

තම පාලනයක් යටතේ ආබාධ සහිත පුද්ගලයින්ට බේල් ක‍්‍රමයට ඡන්දය දෙන්න අවස්ථාව ලබා දෙනවා – ගෝඨාභය කියයි

Next Post

අපි සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන අයයි – හදුන්නෙත්ති කියයි

editor

editor

Next Post

අපි සමාජයේ යහපත වෙනුවෙන් වැඩ කරන අයයි - හදුන්නෙත්ති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved