දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හෙට (11) පස්වරු 03.30 වන තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනය මඟින් මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද පළාත් සඳහාත්, ත්‍රීකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහාත් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. එම ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 40-50 ත් අතර වේගයකින් හමන තද සුළං ඇති විය හැකි බව එහි සඳහන් වේ. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද විටින් විට පැයට කිලෝමීටර් 30-40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.















