දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ රළු මුහුදු තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම සහ හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල මෙන්ම ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු කලාපවල විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 65 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම හේතුවෙන් ඉහත දැක්වූ මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු තත්ත්වයට පත්වීමේ අවදානමක් පවතී.
මේ නිසා ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටී.















