• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තීරණවල වෙනසක් නෑ … දූෂණ අක්‍රමිකතාවන්ට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නෑ … ඇමැති අකිල

16 October 2018
in දේශීය

නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත් දූෂණ අක්‍රමිකතා සහ නාස්තියට තිත තබමින් වවුචර් ලබාදීම ආරම්භ කළේ, නැවත දූෂණ අක්‍රමිකතාවන්ට හිස එසවීමට ඉඩ ලබාදීමට නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් කණ්ඩායම් පදනම් විරහිත මාධ්‍ය සංදර්ශනවල යෙදෙමින් තමන්ගේ දූෂණ අක්‍රමිකතා වසා ගැනීමේ උත්සාහයක නිරත වන බවයි.

පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරනවා.

ඇතැම් කණ්ඩායම් ‍මේ වසරේ දී පාසල් සිසුන්ට වවුචර් වෙනුවට නිල ඇඳුම් රෙදි ලබාදෙන බවට අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ක්‍රමය හඳුන්වාදීම හරහා දූෂණ අක්‍රමිකතා සහ අනවශ්‍ය මුදල් නාස්තිය මෙන් ම අතයට සිදුවූ කොමිස් ගනුදෙනුවලට තිත තැබීමට හැකි වු බවත්, ඊට අමතරව නිල ඇඳුම් රෙදි ලබාදීම සම්බන්ධයෙන් පැවති වෙළඳපොළ ඒකාධිකාරය බිඳදමා දිවයින පුරා සුළු පරිමාණ රෙදිපිළි ව්‍යාපාරිකයන්ට මෙන් ම නිමි ඇඳුම් සකස්කරන්නන්ට ද ආදායම් ඉපදවිය හැකි ක්‍රමවේදයක් ඇතිකිරීමට ද මේ හරහා රජයට හැකි වූ බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනතාව වෙනුවෙන් රජය වෙන් කරන ප්‍රතිලාභ ක්ෂයවීමකින් තොරව ජනතාව අතට ම පත්කළ හැකි සහනාධාර ලබාදීමේ ප්‍රශස්තතම ක්‍රමවේදය ලෙස මේ වනවිට වවුචර් ක්‍රමය ලෝකයේ පිළිගැනීමට ලක් ව ඇති බව ද සිහිපත් කරන අමාත්‍යවරයා, නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ලබාදීම ආරම්භ කළ දා පටන් ඇතැම් කණ්ඩායම් ඊට එරෙහි ව විවිධ පදනම් විරහිත ප්‍රකාශ සිදුකරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දැරුව ද, මේ වන විට සමස්ත පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රසාදයකින් පසුවන බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට අමතරව, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ද සම්බන්ධ කරගනිමින් ඉදිරිපත් කර තිබූ කැබිනට් යෝජනාවක් ද පාදක කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් පදනම් විරහිත චෝදනාවන් ඉදිරිපත් කරමින් සිටින්නේ ඔහුගේ මූලිකත්වයෙන් සහ ඔහු විසින් සිදුකළ දූෂණ සහ අක්‍රමිකතා රැසක් අනාවරණය වෙමින් ඇති පසුබිමකයි.

මේ දක්වා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති අදාළ කැබිනට් යෝජනාවට අනුමැතියක් හිමි වී නොමැති අතර, සාකච්ඡාවට බඳුන්කොට කැබිනට් මණ්ඩලය හරහා අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකෙරෙන යෝජනාවක් සම්බන්ධයෙන් බිල්ලන් මවාපාමින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට ඔහු උත්සාහ දරන්නේ ඔහුගේ පාලනය යටතේ පැවති ගුරු ගෙදර හෙවත් සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සකසුරුවම් සහ ණය දෙන සමුපකාර සමිතියේ (EDCS) වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති පසුබිමකයි.

මේ පිළිබඳ ව සමාජයෙන් එල්ලවන බලපෑම යටපත් කරගැනීම සඳහා කැබිනට් යෝජනාවක් සම්බන්ධ කරුණු ගෙනහැර දක්වමින් මාධ්‍ය සංදර්ශන සිදුකිරීම ඔවුන්ගේ බංකොලොත්භාවය තවදුරටත් සමාජගත කෙරෙන්නක්.

ගුරු ගෙදර හෙවත් සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සකසුරුවම් සහ ණය දෙන සමුපකාර සමිතිය (EDCS) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටත් ආයතනයක් වන අතර, පාසල් ගුරුවරුන්ට ඒ හරහා සහන පොලියට ණය ලබාදීම එහි ප්‍රධාන අරමුණක්.

සමිතියේ සාමාජිකයන් අතරින් ඡන්ද බලයෙන් එයට නිලධාරීන් පත්කරගැනෙන අතර,‍ එලෙස පත් වූ මහින්ද ජයසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම අදාළ සමුපකාර සමිතිය දේශපාලනීකරණයට ලක්කරමින් ඒ තුළ දූෂණ, අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවීමත් සමඟ 2011 වසරේ දී අධිකරණය විසින් අදාළ නිලධාරී මණ්ඩලයට වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් ද පනවා තිබෙනවා.

එමෙන්ම මහින්ද ජයසිංහ මහතා ප්‍රධාන ලේකම් ධුරය දරන ජනතා විමුක්ති පෙරමුණට අයත් ලංකා ගුරු සේවා සංගමය ‘අපේ කණ්ඩායම’ නමින් ඉදිරිපත් ව අදාළ සමිතියෙහි බලය ලබාගෙන ඇති අතර, එහිදීද දූෂණ අක්‍රමිකතා සම්බන්ධ චෝදනා රැසක් එල්ලවීම හේතුවෙන් අදාළ නිලධාරී මණ්ඩලයට නැවත වතාවක් මෙම වසරේ දී ද අතුරු තහනම් නියෝගයක් සහ වාරණයක් පැනවීමට කොළඹ දිසා අධිකරණය පියවර ගෙන තිබෙනවා.

මෙවැනි තත්වයක් තුළ මේ දක්වා සම්මත වී නොමැති කැබිනට් යෝජනාවක් ඈඳා ගනිමින් මහින්ද ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම තම චෝදනාවන් යටපත් කරගැනීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට සහ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයට එරෙහි ව දේශපාලන මඩ ව්‍යාපෘතියක නිරතවන බවයි, අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කවර හෝ ආකාරයකින් පදනම් විරහිත ලෙස පාසල් ප්‍රජාව නොමඟ යවමින් තම වෘත්තීය සමිති ජනප්‍රිය කරගැනීමට උත්සාහ දරන මහින්ද ජයසිංහ මහතා උතුරුමැද පළාත් සභා ප්‍රධාන ලේකම්වරයා විසින් 2010-11-09 වැනි දින විනය චෝදනා 11 කට වැරදිකරු බවට පත්කරමින් ගුරු සේවයෙන් පහ කරනු ලැබූ පුද්ගලයෙක්.

Post Views: 13
Previous Post

ශ්‍රි ලංකාවේ අන්නාසි Sri Lanka Pineapple නමින් විදේශ වෙළදපලට

Next Post

පුජිතට තව අවුරුදු 2 ක් ඉන්න පුළුවන්..! අස්වෙනවා කියලා දන්නේ නෑ – නි.ඇමති නලින්

editor

editor

Next Post

පුජිතට තව අවුරුදු 2 ක් ඉන්න පුළුවන්..! අස්වෙනවා කියලා දන්නේ නෑ - නි.ඇමති නලින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved