27 April 2024
#දේශීය

නව සන්ධානයේ මහලේකම් රංජිත් ද? නවින් ද? තීරණය හෙට..!

අලුතින් බිහි කරන පුළුල් සන්ධානයේ මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම අද (05) පෙරවරුවේ පැවැති එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඒකමතිකව ස්ථීර කර තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ විසින් පත් කිරීම් සිදු කරනු ලබන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය අනුවය. නව සන්ධානයේ මහලේකම් ධුරය පත් කිරීම සිදු කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ සහාය පල කරන පිරිසගේ කැමැත්ත මත පමණක් බව වාර්තාවේ.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නා අප වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් නම් කර ඇත්තේ නවින් දිසානායක බවයි.

නමුත් මේ අවස්ථාවේදී රංජිත් මද්දුම බණ්ඩාර පත් කර ඇති බවට මාධ්‍ය වාර්තා පල කර තිබේ. කෙසේ වෙතත් හෙට දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

නව සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද නවින් දිසානායක ද යන්න හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති බවත් එහිදී යම් හෙයකින් ඡන්දයක් පවා පැවැත්වීමට ඉඩ ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ලබා දෙන්නා අප වෙත කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *