27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් මෙන්න !

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයන්   ලෙස  තෝරා ගත්  ඇමැතිවරුන්  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  නම් ප්‍රකාශයට පත් කිරීම අද  ( 05)  පාර්ලිමේන්තුවේදී  සිදු කෙරිණි.

 
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 :1 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින  රැස්වූ තේරීම් කාරක සභාව විසින් පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සාමාජිකයන් පත්කිරීම සිදුවිය.
 
ඒ අනූව සුනිල් හදුන්නෙත්ති , අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජන්ත,  මහින්දානන්ද අලුත්ගමගේ,  දයාසිරි ජයසේකර,  ජයන්ත සමරවීර, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන අමාත්‍යවරුන් සහ රාවුෆ් හකීම්,  විජේදාස රාජපක්ෂ,  හර්ෂ ද සිල්වා,  අජිත් පී පෙරේරා,  ශ්‍රියාණි විජේවික්‍රම,  රන්ජන් රාමනායක,  අශෝක් අබේසිංහ , සුනිල් හදුන්නෙත්ති , මාවෙයි එස්.සේනාධිරාජා , ඩී.වී චානක යන මැති ඇමැතිවරුන්  පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකයන් ලෙස නම් කෙරිණ.
 
ගිනුම් කාරක සභාවේ සාමාජිකයන් !
 
තවද සහ රාජ්‍ය  ගිණුම්  පිළිබඳ කාරක සභාවේ  සාමාජිකයන් නම් කිරීමත් අද පාර්ලිමේන්තුවේ දී සිදුවූ අතර ඒද පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 :1 හි විධිවිධාන ප්‍රකාරව 2020 ජනවාරි මස 24 වැනි දින  රැස්වූ තේරීම් කාරක සභාවේ තේරීම අනූවය.
 
ඒ අනූව   පවිත්‍රාදේවී වන්නිආරච්චි , ඩග්ලස් දේවානන්ද ,  වාසුදේව නානායක්කාර ,  දුමින්ද දිසානායක , රෝහිත අබේගුණවර්ධන, ලසන්ත අලගියවන්න, ශෙහාන් සේමසිංහ, චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් හා  උදය ප්‍රභාත් ගම්මන්පිල, පාලිත රන්ගේ බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සෙය්යිඩ් අලී සාහීර් මවුලානා,   බුද්ධික පතිරණ,  එස්. ශ්‍රීතරන්,  වෛද්‍ය නලින්ද ජයතිස්ස, විජේපාල හෙට්ටිආරච්චි යන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්   ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් ලෙස පත්කර ඇත.
 
සභාපතිවරුන් පත්කිරීම පසුවට !

මෙම කාරක සභා දෙකෙහිම සභාපතිවරුන් දෙදෙනා  පත් කිරීම එම  කාරක සභා රැස් වූ අවස්ථාවලදී සාමාජිකයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සිදු කිරීමට නියමිතය.
 
මීට පෙර කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කර තිබුණේ ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ය. ඔහු ආන්දෝලනයට තුඩුදුන් රාජ්‍ය ආයතන කිහිපයක දූෂණ වංචා අනාවරණය කළ අතර මූල්‍ය චෝදනා රැසකට දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ධ බව එහිදී හෙළිදරව් විය.
 
ඊට ආසන්න උදාහරණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා ය. එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවා පුදුමයට පත්වූයේ දේශපාලන බලාධිකාරයේ සහය නොමැතිව නිලධාරීන් සිදුකර ඇති මහා වංචා අනාවරණය වීම හමුවේය.
 
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *