27 April 2024
#දේශීය

හිටපු ජනපති මෛත්‍රි හදිසියේම දුමින්දගේ නිවසට …

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසට ගොස් තිබේ. 

සිරිසේන මහතා එහි ගිය අවස්ථාවේදී දුමින්ද දිසානායක අමාත්‍යවරයාගේ නිවසේ නව වසර වෙනුවෙන් පාසල් දරුවන්ට පොත් බෙදා දීම සිදු කෙරෙමින් තිබූ අතර, හිටපු ජනපතිවරයාද පාසල් දරුවන් වෙත එහිදී පොත් බෙදා දුන්හ.

අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගැනීමට ගිය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පළමුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැක පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

පසුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැද පුදා ගත් ඒ මහතා ඇතුළු පිරිස රුවන්වැලි චෛත්‍යයරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

ඉන් අනතුරුව රුවන්වැලි සෑ විහාර මන්දිරය වෙත හා රුවන්වැලි සෑය වෙත මල්, පහන් පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු රාජ්‍යය අමාත්‍යය තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජනාධිපති ධුරයෙන් ඉවත් වු පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්දගේ නිවසට ගිය පලමු අවස්ථාව මෙය බව වාර්තා වේ. කෙසේ වෙතත් ඉදිරියේදී දේශපාලන වේදිකාව තුළ කලයුත්තේ කුමක්ද යන්න පිළිබඳ යම් ආකාරයකින් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. ඉදිරියේදී පොදු ජන පෙරමුණ සන්ධානය යටතේ පොහොට්ටුව ලකුණු යටතේ ඡන්දයට ඉදිරිපත් වීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *