27 April 2024
#දේශීය

සිස්ටම් වෙනස් කරන්න ඕන – ජනපති කියයි

දේශපාලනඥයෝ සහ රාජ්‍ය සේවකයෝ සිය ක්‍රියාකලාපයන් නිසා ජනතා අප්‍රසාදයට පත්ව සිටින අතර එය වෙනස්කිරීමට දෙපාර්ශ්වයම වගකීමෙන් සහ කැපවීමෙන් ක්‍රියාකළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (26) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වීද්‍යා පිඨ රෝහලේ නිරීක්ෂණ ගිය අවස්ථාවේදිය. එහි සියලුම සායන කටයුතු මෙන්ම ශල්‍යාගාර ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

විද්‍යාපීඨ රෝහලේ පවතින සියලු අඩු පාඩු කඩිනමින් විසදා පූර්ණ ක්‍රි යාකාරිත්වයට පත් කිරීමට පියවරගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 68 දෙනෙකුගේ අවශ්‍යතාව ඉටු කරනු ලබන්නේ 40 දෙනෙකු විසිනි. සාමාන්‍ය වෛද්‍යවරු සිය දෙනෙකු පමණ අවශ්‍ය වුවද ඒ සඳහා සේවය සපයනු ලබන්නේ විසි දෙනෙකු පමණ බව අනාවරණය විය.

ඇඳන් 700කින් සහ වාට්ටු 09කින් සමන්විත රෝහලේ දැනට ක්‍රියාත්මක වන්නේ වාට්ටු 04 ක් පමණක් අතර සියලු අඩු පාඩු කඩිනමින් සම්පුර්ණ කිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී දැන්වීම් පළ කර නිසි ක්‍රමවේදයකට අනුව එය ඉටුවිය යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *