27 April 2024
#විලාසිතා

ප්‍රියන්ත ලියනගේ ‌‌කොට තුවක්කු කෘතිය අද එළිදක්වයි

ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාරවල නිරත වු පුවත්පත් සෝදුපත් කියවන්නෙකු ලෙස කටයුතු කරන ප්‍රියන්ත ලියනගේ ‌මහතා විසින් රචිත “කොට තුවක්කු ” කෘතිය අද (15) පස්වරු 3.30 මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වීමට නියමිතයි.

ප්‍රියන්ත ලියනගේ මහතා සිතිජය සඟරාව, ලංකා ඉරිදා සංග්‍රහය, ජනරළ, සත්හඩ පුවත්පත මෙන් ම කැරැල්ල සඟරාව ද කටයුතු වල නිරත වුවෙකි.

” ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාපාර පිළිබදව ප්‍රියන්ත ලියනගේ ‌‌ගේ මතකය දශක ගනනාවක් පසුපසට දිව යන්නකි. සිය පියා 71 අරගලයට ඒක්වෙද්දී පස් හැවිරිදි දරිදි දරුවෙකු වූ ඔහු 88 – 89 අරගලයට සෘජුවම දායක විය. අනතුරුව වසර ගනනාවක් වධකාගාර හා සිර කදවුරු හරහා ඔහුගේ ජීවිතය ඉදිරියට ගලා ගියේය. ප්‍රියන්ත ලියනගේ නැමති සටන්කාමියාගේ සටන්කාමීත්වය ඒලෙසම පවතිද්දී ඔහු තුලවූ ‌ලේඛකයා වැඩුනේ සිර කදවුරු තුලිනි. පුවත්පත් පිටු අතර අපට හමුවන ප්‍රියන්ත ‌මේ වනවිට අප ඉදිරියේ කොට තුවක්කුවක් අමෝරාගෙන සිටී.”

 

ප්‍රියන්ත ලියනගේ මහතා සමඟ TTVnews.lk වෙබ් අඩවියේ තරින්ද ඇල්විටිගල විසින් කල සංවාදයට අපගේ Youtube channel ඔස්සේ නැරඹිය හැකිය.

 

https://www.youtube.com/watch?v=rxGE0CqsAgU&t=45s

Leave a comment

Your email address will not be published. Required fields are marked *