27 April 2024
#ක්‍රීඩා

2019 ලෝක කුසලානය එංගලන්තය හිමි කර ගනි

පළමු වරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (14) සමත් විය. ඒ නවසීලන්තය කණ්ඩායම පරාජය කරමින්.

නවසිලන්ත කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්තය නියමිත පන්දුවාර අවසානයේ ලකුණු 241ක් රැස් කර ලකුණු මට්ටම සම වීම හේතුවෙන් සුපිරි පන්දු වාරයක් ලබාදීමට තීරණය කෙරුනා.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම වෙනුවෙන් සුපුරි පන්දුවාරයකට යොමුවිය.

ඒ අනුව මුලින්ම එංගන්තය පන්දුවට පහරදෙමින් ලකුණු 15ක් රැස්කළේය. නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 16ක් රැස්කළ යුතුව තිබුණි.

කෙසේ වෙතත් නවසීලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 15ක් පමණි. ඒ අනුව සුපිරි පන්දුවාරයද සමව අවසන් විය. කෙසේ වෙතත් මෙහිදී මාටින් ගප්තිල් දුවද්දී යැවී යාමකටද හසුවිය.

එංගලන්ත කණ්ඩායමක් එක්දින ලෝක කුසලානයක් ජයගත් පළමු අවස්ථාව මෙය වේ. නවසීලන්තයද මේ දක්වා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත. 2015 වසරේදීද එක්දින ලෝක කුසලාන අනුශූරයන් වූයේ නවසීලන්ත කණ්ඩායමයි.

ඒ අනුව ලෝක කුසලාන අවසන් මහා තරගයේ ජය සත්කාරක එංගලන්තයට හිමිවුනා.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *