27 April 2024
#දේශීය

පාඨලිට නොතීසි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝම්බර් මස 21 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ නොතීසි නිකුත් කර තිබේ.

ඒ 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු බරපතළ රිය අනතුරකට ලක්කර පලා යාමේ චෝදනාව සම්බන්ධවය.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර සළකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ  විසින් මෙසේ නොතීසි නිකුත් කර ඇත.

2016 වසරේ පෙබරවාරි මස 28 වන දා වැලිකඩ පොලිස් වසම තුළ ඩබ්ලිව්.පී.කේ.පී. 4575 දරන ජීප් රථයේ රියදුරු වශයෙන් කටයුතු කරමින් අපරික්ෂාකාරී ආකාරයෙන් රිය පදවා බරපතළ රිය අනතුරක් සිදුකිරීම, එම රිය අනතුර පිළිබඳව පොලීසියට වාර්තා නොකර පලා යාම, බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනා ලබා සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *