27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව කල්දැමීම ප්‍රහේළිකාවක් – කිරිඇල්ල කියයි

පාර්ලිමේන්තුවේ කතානායකතුමාටවත් නොදන්වා පාර්ලිමේන්තුව කල්දැමීම ප්‍රහේළිකාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ රු. මිලියන 02ක ප‍්‍රතිපාදන මත සංවර්ධනය කළ මහනුවර දන්තුරේ බෝධිමාලකාරාම මෙහෙණි ආරාමයේ පිවිසුම් මාර්ගය විවෘත කිරිමේ අවස්ථාවට සහභාගි වෙමින් අනතුරුව මාධ්‍යවේදින් හමුවේ අදහස් දක්වමිනි.

මෙහිදි මාධ්‍යවේදිනි හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ” නිදහසින් පසු දහසය වතාවක් ආණ්ඩු වෙනස් වුණා. බලයට පත් වූ ආණ්ඩුවත් කාලයාගේ ඇවෑමෙන් වෙනස් වේවි ඒ නිසා ඉවසීමෙන් ඉන්න ඕන. අපි එක්සත් ජාතික පක්ෂය ලෙස තනතුරු වෙනස්කම් සමඟ ඉදිරියට යන්න සූදානම්. පක්ෂය විසින් සජිත් පේ‍්‍රමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා ලෙස නම් කළා. නමුත් ආණ්ඩුව පාර්ලිමේන්තුව කල්දමා තිබෙනවා. ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව කැඳවූ වහාම ඒ බව නිල වශයෙන් කතානායකතුමන් ප‍්‍රකාශ කරාවි. කුමන හේතුවකට පාර්ලිමේන්තුව මෙතරම් කාලයකට කල් දැමුවාද යන්න අපටත් ප්‍රෙහේළිකාවක්. රටේ යම්කිසි ප‍්‍රශ්ණයක් ඇතිවුණොත් ඒ පිළිබඳ සාකච්චා කිරිමට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව අවම වශයෙන් කතානායකතුමාටවත් දැනුම් දිය යුතුයි. නමුත් එවැනි දැනුම්දීමක් සිදුකරලා නැහැ. පසුගියදා පැවති පාර්ලිමේන්තු මන්ති‍්‍ර රැුස්වීමේදි සිය`එ දෙනා සමගි වූ බවත් එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජයග‍්‍රහණය කිරිමට සූදානමින් සිටින බව ” ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *