27 April 2024
#වෙනත්

තුරුලිය අරුණ රුක් රෝපණ වැඩසටහන ලබන 16 වනදා කොත්මලේදී

ලංකා විදුලි බල මණ්ඩලීය මධ්‍යම පළාත් සුභ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන තුරුලිය අරුණ රුක් රෝපණ වැඩසටහන 2019 දෙසැම්බර් මස 16 වෙනි දින පෙරවරු 9.00 ට ඉහළ කොත්මලේ නියම්ගම්දොරදී පැවැත්වීමට කටයුතු යොද තිබේ.

පණ පොවමු මිහිකතට පරපුරෙන් පරපුරට යන තේමාව මුල් කරගෙන මධ්‍යම පළාත තුළ මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලි බල මණ්ඩලීය මධ්‍යම පළාත් සුභ සාධක සංගමය සංවිධානය කර තිබේ.

මෙම වැඩසටහන ලංකා විදුල බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(මධ්‍යම පළාත්) ඩබ්ලිව්.ඩබ්ලිව්.ආර්.පිටවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *