27 April 2024
#දේශීය

පාසල් නිවාඩුව තවත් දීර්ඝ වෙයි

සිසු සිසුවියන් ගේ ආරක්ෂාව  අරමුණු කර ගනිමින් පාසල් සඳහා මේ වන විට ලබා දී ඇති අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අමාත්‍යාංශය සඳහන් කරන්නේ  පාසල් ජූලි මස 27 වන දා නැවත ආරම්භ කරන අතර එම සතිය තුළ දී පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 වන ශ්‍රේණිවල ළමුන් පමණක් බවය.

කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුගේ නිර්දේශ 17 දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදුන් අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ පැවැත්වුණි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹී තිබේ.

මැතිවරණයෙන් පසුව එළඹෙන පළමු සඳුදා දිනය වන අගෝස්තු මස 10 වන දා පාසල්වල අනෙකුත් ශ්‍රේණි විවෘත කිරීම සඳහා සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන නව දින ප්‍රකාශයට පත් කිරීම එළඹෙන සඳුදා (20) සිදුකරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *