27 April 2024
#දේශීය

රබර් නිශ්පාදන ගැන ජනාධිපති විශේෂ උනන්දුවක

රබර් සඳහා නිසි මිලක් ලබාදෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

ඒ හරහා රැකියා විරහිත පිරිස් රබර් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ සංචාරයකට එක්වෙමින් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළ බවයි.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අතරමැදියන් හේතුවෙන් රබර් කර්මාන්තයේ නිරත වූවන්ට නිසි මිලක් නොලැබෙන අතර ඒ හේතුවෙන් කර්මාන්තයේ නිරත පිරිස ද අඩු වී ඇති බව ජනතාව පැවසූ බවයි.

එමෙන්ම ගම්මිරිස් ඇතුළු කුළු බඩු නිෂ්පාදනයේ නිරත වූවන්ගේ ගැටලු ද ජනතාව විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බවත් එහි දැක්වෙයි.

මේ අතර දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ගේ ගැටලු සහ උපාධිධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් කෙරෙහි ද ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *