27 April 2024
#දේශීය

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශ ගන්න – රනිල්, රුවන් සහ සාගලට දින දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කරගැනීම  සදහා එළඹෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ එළැඹෙන 21 වනදා  පෙනි සිටින ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දන්වා ඇති බව වාර්තා වෙයි.

එසේම හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනටත් 18 වනදා  ප්‍රකාශයක් ගැනීමට එන ලෙස  දැනුම් දී ඇති බවත් වාර්තා වෙයි.

තවද 21 වනදා  විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකටද දැනුම් දී ඇති බව වාර්තා වේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පළමුවරට ලැබුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (11) 8 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර නමුත් ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත කෙරුණේ නැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *