27 April 2024
#දේශීය

පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරයි…

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සොයා බැලීම සම්බන්ධයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිසිසේත් ම නොපිළිගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අද (29) පැවැති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.

මෙය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන ලද ද්වේෂ සහගත ලියැවිල්ලක් බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (29) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

මෙම තේරීම් කාරක සභා වාර්තාව දැඩිව විවේචනය කර ඇති ජනාධිපතිවරයා, එය කැබිනට් මණ්ඩලය අනුමත කළ ලියැවිල්ලක් ලෙස නොසලකන ලෙස දැනුම් දී ඇත.

එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ බව පමණක් සදහන් කරන ලෙස ප‍්‍රකාශ කර ඇති ජනාධිපති සිරිසේන මෙය රට නොමග යවන ලියැවිල්ලක් බවට ප‍්‍රකාශ කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *