27 April 2024
#දේශීය

සජිත්ගේ රැස්වීම් කිහිපයක් ජනසහභාගීත්වය අවමවීම හේතුවෙන් අවලංගු කරයි…

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් කැඳවා තිබූ රැස්වීම් කිහිපයක් අවලංගුකිරීමට පියවරගෙන තිබුණි. ඊයේ දිනයේ කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ආයතනයේ සංවිධානය කරතිබූ කාන්තා සමුළුවක් ද සහභාගීත්වය අවමවීම නිසා අත්හැරදැමීම ට පියවරගෙන තිබුණි.

ඊට පැමිණ සිටියේ කාන්තාවන් 35කට අඩු කණ්ඩායමකි. අමාත්‍ය රවි කරුණානායක විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණේ කාන්තා ව්‍යවසාය සංවර්ධනය වැඩිදියුණු කිරීමට බව පවසමිනි.

අද (29) කොළඹ නව නගර ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ දේශීය වෛද්‍ය වෘත්තිකයින්ගේ සමුළුවද නිසි ලෙස පවත්වන්නට අවස්ථාව ලැබී නොතිබුණි. මෙම රැස්වීමට පැමිණ සිටියේ ද 50 කටත් අඩු පිරිසක් බව පෙනෙන්ට තිබුණි. මේ හමුවට සජිත් පේමදාස මහතා සහභාගීවන බව දන්වා තිබුණද ඔහු ඒ අසලකටවත් නොපැමිණියේ ය.

පසුගිය සතියේ විහාර මහා දේවී එළිමහන් රංගපීඨයේ සූදානම්කර තිබූ ගුරු වෘත්තිකයින්ගේ රැස්වීමක් ජන සහභාගීත්වය අවම බව පවසමින් වර්ජනය කිරීමට අධ්‍යාපන ඇමතිවරයා විසින් ද පියවරගත්තේ ය.

තවත් ප්‍රධාන පෙළේ සංවිධාන ව්‍යහයකින් සමන්විතව විශාල පිරිවැයක් ද යොදා සංවිධානය කරතිබූ ධීවර සම්මේලනයක් ද අවලංගුකිරීම නිවේදනය කිරීමට දිලිප් වෙදආරච්චි ඇමතිවරයාට සිදුවීය. එය පැවැත්වීමට නියමිතව තිබුණේ පනිදහසකගේ සහභාගීත්වයෙන් යුතුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය. ඊට ද 500කටත් අඩු පිරිසක් එක්ව සිටිනු දක්නට ලැබුණි.

මේ ආකාරයටම ඇතැමුන් විසින් සංවිධානය කරනලදුව සජිත් ප්‍රේමදාස මහතා සහභාගීවනු බව දන්වන ලද ජනහමු ගණනාවක් ද අවලංගු කිරීමට හා ඇතැම් ඒවාට නියමිත කථිකයින් සහභාගී නොවීමද දක්නට ලැබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *