• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 04 විශ්වවිද්‍යාල වෑන් රථයට යකඩ පොලු ප්‍රහාරයක්…

6 July 2026
in දේශීය, පුවත්
0
SHARES
19
VIEWS
Share on FacebookShare on Twitter
නිවාඩු නිකේතනයේ කාමරවලට වැදී, සුව පහසු ඇඳන්වල ගුලි වී හිඳිමින්, විශ්වවිද්‍යාලයේ අනාගත අභිවෘද්ධිය පිණිස වන බැරෑරුම් සාකච්ඡා වට කිහිපයක් පවත්වමින්, ගත සිත සංතර්පනය කරගත් මෙම තක්කඩින් පිරිස නැවත වෑන් රථයට නැගුණේ කාන්තාවන් තිදෙනා නිවෙස්වලට හැරලා, වෑන් රථය සනාථන මන්දිරයට ගෙනැවිත් දමා, සිය රහස් සංචාරය නිමා කරන අටියෙනි.
සතුටු සාමීචියේ යෙදෙමින් වැඩි දුරක් එන්නට පෙරම මාර්ගයේ පටු අඳුරු ස්ථානයකදී එල්ල වූ යකඩ පොලු ප්‍රහාරයකින් පිරිස භීතියට පත් විය. ඒ සමගම තවත් යකඩ පොලු පහරවල් කිහිපයක් එල්ල වූ අතර එම පහරවල්වල ප්‍රබලත්වයෙන් වෑන් රථයේ වීදුරු කුඩු වී යාම පමණක් නොව සැකිල්ලේ යම් යම් ස්ථාන ඇද වී යාම පවා සිදුවිය. ප්‍රහාරය අතරතුර වුවද වෑන් රථය නොනවත්වාම ඉදිරියට ධාවනය කිරීමට අනධ්‍යයන ලොක්කා කටයුතු කළ හෙයින්, ප්‍රහාරකයන්ගේ ඊළඟ ඉලක්කය විය හැකිව තිබූ ශාරීරික ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානම ඉවත් කර ගැනීමට පිරිසට හැකියාව ලැබුණි. පසු නොබලා පැමිණ ආරක්ෂිත ස්ථානයක වෑන් රථය නවතා ගත් පිරිස ඊළඟට කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කළහ.
පළමුවෙන්ම කුලී රථවලින් කාන්තාවන් තිදෙනා සිය නිවෙස්වලට පිටත් කර හැරිය මහළු අනංගයන් තිදෙනා සිය ගැලවීම සඳහා වන සාහසික අපරාධයකට මුල පුරන්නට වූහ. වෑන් රථය එහි රියදුරු තෙන්නකෝන් විසින් අවසන් වරට සනාථන මන්දිර බිම් මහලේ නවතා, යතුරු ආරක්ෂක අංශයට භාරදෙන විට එහි කිසිදු දෝෂයක් වාර්තා කර තිබුණේ නැත. අනවසර රතිකෙළිය සඳහා එය සනාථන මන්දිරයෙන් පිටතට රැගෙන එන අවස්ථාවේදීත් කිසිදු බාහිර දෝෂයක් නොමැතිව තිබුණි. එහෙත් දැන් තත්ත්වය වෙනස්ය. අලුත්ම වෑන් රථයේ වීදුරු කිහිපයක් කුඩු වී තිබෙන අතර සැකිල්ලේ ස්ථාන ගණනාවක්ද යකඩ පොලු පහරවල්වලින් ඇඹී, ඇද වී ගොස් ඇත.
මෙම තත්ත්වයෙන් වෑන් රථය සනාථන මන්දිරයේ බිම් මහල යටට ගෙන ගොස් තැබුවොත් පසුදා උදෑසන සිදුවන කලබගෑනිය සමනය කළ නොහැකි තරම් විශාල විය හැකිය. වෑන් රථයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණද, අභ්‍යන්තර පරීක්ෂණද පැවැත්වෙනු ඇති අතර එහිදී රියදුරු තෙන්නකෝන් යතුරු භාරදුන්නාටත් පසුව වෑන් රථය බලහත්කාරයෙන් රැගෙන යාම පිළිබඳව තොරතුරු එළියට පැනීම අනිවාර්යය. අදාළ ආරක්ෂක නිලධාරියාට සිය රැකියාව බේරා ගැනීම වෙනුවෙන් සත්‍ය හෙළිදරව් කිරීම හැර අන් මගක් නැත. ඉන් අනතුරුව එළියට එන්නේ මෙම ශෘංගාර කෙළියේ කථාවය. එවන් තත්ත්වයකදී අදාළ බලධාරීන් තිදෙනාගේ තනතුරු මෙන්ම රැකියාවන්ද අහිමි විය හැකි අතර අපරාධයේ ස්වභාවය අනුව බන්ධනාගාරගත වීමටද සිදුවිය හැකිය.
කාන්තාවන් තිදෙනාටද සිය රැකියාවන් සම්බන්ධ බරපතල ගැටලුවලට මුහුණ දීමට සිදුවීම අනිවාර්යය. එහි ඊළඟ ප්‍රතිඵලය වන්නේ මෙම 6 දෙනාගේ පවුල් ජීවිතවලට එල්ල කෙරෙන බලපෑමය. නින්දා අපහාස සහ අවමාන ඔවුන් පසුපස හඹා එනු ඇත. ඊළඟ දිනයේ හිරු උදාවට පෙර නියමාකාර ප්‍රතිකර්මයක් ක්‍රියාත්මක කරනු නොලැබුවහොත් සිද්ධියට සම්බන්ධ විශාල පිරිසකට යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි හානි සිදුවීමට නියමිතය. සමාජය ඉදිරියේ සද්ගුණවත් පියවරුන් ලෙසද, මව්වරුන් ලෙසද, ස්වාමි පුරුෂයන් සහ භාර්යාවන් ලෙසද, බුද්ධිමතුන් සහ රාජ්‍ය සේවකයන් ලෙසද වසර ගණනාවක් ගොඩනගාගත් කීර්තිය එක මොහොතකින් විනාශ වී යාමට ඉඩ දිය හැකි නොවේ.
ඒ අනුව ඔවුන් අත තිබුණේ විසඳුම් දෙකකි. එකක් අවංක මිනිසුන් ලෙස පසුදා මුහුණ දීමට සිදුවන අර්බුදයට මුහුණ දීමය. නැතහොත් ප්‍රශ්නය අතුරුදහන් කර තමන් ගැලවී යාමය. සිය පවුල්වලටද ද්‍රෝහී වූ මෙම තක්කඩින් කිසිදා අප පළමුවෙන් පැවසූ විසඳුම තෝරා ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් තෝරාගෙන තිබුණේ පරම්පරා ගණනාවකට සාප විය යුතු සාහසික අපරාධයක් ක්‍රියාත්මක කිරීමටය.
– වෑන් රථය ගිනි තැබූ හැටි ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න
Post Views: 21
Previous Post

IIHS වසර 25ක සෞඛ්‍ය අධ්‍යාපන විශිෂ්ටත්වය සමරයි 650කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසකට උපාධි පිරිනැමේ

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය අය අතර නිලධාරීන් 5ක් සහ රැඳවියන් 20ක්

Editor TTV News

Editor TTV News

Next Post
මීගමුව බන්ධනාගාර ගැටුමෙන්  මියගිය අය අතර  නිලධාරීන් 5ක් සහ  රැඳවියන් 20ක්

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය අය අතර නිලධාරීන් 5ක් සහ රැඳවියන් 20ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved