27 April 2024
#දේශීය

කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය පැය 24ම සීරුවෙන්

කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය කියා සිටියේ දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවයි. එසේම උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රි ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතුවී නම් දවසේ පැය 24 තුළම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 3ක් හඳුන්වා දී තිබේ.
එනම්, 0082-2-735-2966 , 0082-2-735-2967 සහ 0082-2-794-2968 යන දුරකතන අංක වේ.

මෙම අංකවලට දිනයේ ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රි ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳව සෘජුව තානාපති කාර්යාලයට දැනුම් දිය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *