27 April 2024
#දේශීය

මල් වට්ටි උස්සන් අපි දේශපාලනය කරන්නේ නෑ – ඇමැතිනි තලතා

මට ඉන්න නායකයෝ දෙන්නා ධර්මය තුළින් ජීවිතය හැඩ ගසා ගත්තා මිසක් ආගම පාවිච්චි කරලා දේශපාලනය කරලා මල්වට්ටි උස්ස ගෙන පන්සලට ඇවිල්ලා දේශපාලනය කථා කරන අය නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවෙ ගම්පෙරළිය සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ බලංගොඩ, රාස්සගලල බුලත්ගම රතනපාල පිරිවෙන් ප්‍රාකාරයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය “2015 ජනවාරි 08 මේ රජය බලයට පත් වුණායින් පස්සේ මේ රටේ දුෂ්කර ප්‍රදේශවල තිබෙන වෙහෙර විහාරස්ථාන ගොඩ නගන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ සම්බන්ධයෙන් බෝඩ් අනවශ්‍ය ප්‍රචාර නොමැති නිසා ගොඩාක් අය දන්නේ නැහැ. ගම්වල තියෙන දුෂ්කර විහාරස්ථාන පිළිබදව අවධානය යොමු කළේ ජනාධිපතිවරයාගේ අගමැතිවරයා නායකත්වය යටතේයි. ඒ සදහා 2016 වසර තුළ විහාරස්ථාන 1200 කුත් 2017 වසරේ විහාරස්ථාන 1000 කුත් සදහා ආධාර ලබා දුන්නා. උපකාර කළා. ඒ සදහා සියලු මුදල් යෙදෙව්වේ මධ්‍යම සංස්කෘතික අරමුදලින්. එම අරමුදලේ මුදල් මීට ඉස්සෙල්ලා සමහර අයගේ පුද්ගලික බූදල් බවට පත් වෙලා තිබුණා. ඒකේ තියෙන ශතයක්වත් මේ රටේ මුදල් නෙමෙයි. අපේ රටට පැමිණෙන විදේශිකයින් අපේ පුරා විද්‍යා ස්ථාන වන සීගිරිය දඹුල්ල අනුරාධපුර පොලොන්නරුව වගේ විහාරස්ථාන නරඹලා ගෙවන ඩොලර් තමයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බවට පත් වුණේ. ඒවා අපි විහාරස්ථාන ගොඩනගන්න යෙදෙවුවා. මේක හැබැයි පන්සල දේශපාලනයට යොමු කරන වැඩ පිළිවෙළකට යොමු වුණේ නැතැයි ද” අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *