19 May 2024
#දේශීය #පුවත්

මහින්ද රටට හොඳ කරයි… බැසිල්ගේ රැස්වීමට ගිය ප්‍රසන්න කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමට තවත් කාලය තිබෙන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.එමෙන්ම අපේක්ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ තීන්දුවක් ගනු ඇති බව හෙතෙම පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්, පක්ෂ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද (7) පැවැත් වු සාකච්ඡාව අවසන් කර පිටව යාමේදී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

එමෙන්ම පාක්ෂිකයාට බියකින් තොරව එළියට බැසිය හැකි මට්ටමේ වැඩ පිළිවෙලක් තම පක්ෂය මේවනවිට ක්‍රියාත්මක කරමින් සිටිමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *