19 May 2024
#දේශීය #පුවත්

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor)සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු විය. ඒ, ඊයේ (06) දින පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදීය.

මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතාද පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *