27 April 2024
#දේශීය

හබරාදුව දැවැන්ත සංවර්ධනයක් කල නායකයෙකු ලෙස ඉදිරියට කටයුතු කරනවා – චන්දීම කියයි

හබරාදුව ජනතාවට හිතකර තීන්දු තීරණ ගන්න බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගිය 11 වනදා හබරදුවේ පැවැති ජනතා සමුළුව අමතමින්.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය කාලයේදී ගනු ලැබූ දේශපාලන තීන්දු තීරණ බහුතර ජනතාවගේ කැමැත්ත මත ගනු ලැබූ තීන්දු තීරණ බවයි.

එහිදී චන්දිම විරක්කොඩි මහතා මෙසේ කියා සිටියේය “මෙතෙක් කාලයක් මා වෙත මහා සංඝ රත්නය අන්‍යාගමික පුජ්‍ය පක්ෂය හබරාදුව ප්‍රගතශීලි ජනතාව ලබාදුන් සහයෝගය මෙවරද එලෙසම බලාපොරොත්තු වන බවත් සිංහල බෞද්ධයෙක් ලෙස ඔබ තමුන්නාසේලා වෙත ලබාදුන් පොරොන්දු නිසිලෙස හරියාකාරව සිදුකරන බවත් හබරාදුව දැවැන්ත සංවර්ධනයකට ලක්කළ නායකයෙක් ලෙස ඉදිරියටත් එය එලෙසින්ම සිදුකරන බවයි “චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *