27 April 2024
#දේශීය

මාතලේ පිරිවෙන් සදහා අධ්‍යාපනික උපකරණ ලබා දෙයි

මාතලේ දිස්ත්‍රික්කයේ පිරිවෙන් සදහා ඡායාරුප යන්ත්‍ර ඇතුලු අධ්‍යාපනික උපකරණ ලබා දිම අද ( 29) මාතලේ ධර්මරාජ මහ පිරිවෙනේදි සිදු කෙරුණි.

පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුලු මධ්‍යම පළාතේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාගෙන් සිදු කළ ඉල්ලිමකට අනුව පළාතේ පිරිවෙන් 116ක් සදහා අවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පිරිවෙන් පහසුකම් නැංවිම සදහා රුපියල් ලක්ෂ 300ක මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ පිරිවෙන් 22ක් සදහා අවශ්‍ය ඡායාපිටපත් යන්ත්‍ර ඇතුලු උපකරණ ලබා දිම සිදු කෙරුණි.

මාතලේ පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හිමිවරුන් වන ශාස්ත්‍රපති මාඋස්සාවේ අග්ගධම්ම හිමි,මැණික්හින්නේ ධිරානන්ද හිමිවරුන්ගේ සංවිධානයෙන් පැවති මෙම චාම් උත්සවය සදහා සියම් මහනා නිකායේ මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම නාහිමි.මාතලේ ධර්මරාජ මහ පිරිවෙන් පරිවේණාධිපති ගම්මුල්ලේ චන්දවිමල හිමියන් ඇතුලු පරිවෙිණාධිපතිහිමිවරුන් ආචර්ය මණ්ඩල ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *