27 April 2024
#දේශීය

මීගමුව දේපල හානියට වන්දි ගෙවන්න – අගමැති උපදෙස් දෙයි

මීගමුවේ දී ඊයේ (05) දින ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වී ඇති බවත් සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *