27 April 2024
#දේශීය

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ම අත්සන් කරනවා : මංගල සමරවීර කියයි…

මේ වනවිට රටතුල දේශපාලන පොරපිටියේ ද ආන්දෝලනයක් ඇතිකර තිබෙන මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

මේ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කරන බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

මහජනතාව ඇතුළු අවශ්‍ය සියලු දෙනාගේ විචාරය පිණිස ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එය නිවැරදියයි නීතිපති විසින් එකඟතාවය පළ කර ඇති එම ගිවිසුමේ පිටපත් නිකුත් කරඇති බව ද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳව දැනුමක් නොමැති ඇතමුන් එය අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුයි පැවසුවද සනාත නොකළ ලියවිල්ලක් පිළිබඳව උත්තරීතර ආර්ලිමේන්තුවේ විවාද කළ නොහැකිය.

මෙම ගිවිසුම නිත්‍යනුකූල වනුයේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බව එම ගිවිසුම තුළම අන්තර්ගත වේ.

ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව එම ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත්වේ යැයි සිතන ඕනැම පුරවැසියෙකුට එයට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාව පවතියි.

දැනට මේ සඳහා නීතිපතිගේ එකඟතාවය ලැබීඇති බැවින් මෙම ගිවිසුමට අත්සන් තබීමේ නීතිමය ගැටලු කිසිවක් නොමැත ඇමරිකාව සමඟ මෙම මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති මේ මොහොතේ ඒ පිළිබඳව ජනතාව තුළ භීතිකාවක් මවන පුද්ගලයන් මෙමඟින් රටට හාජනතාවට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් ඇත්නම් වහා හෙළිකළ යුතු යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කරයි.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *